canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

ශ්‍රීපාදස්ථානය

Unknown  place, religions, Sri lanka  

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු, මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ද පූජනීය වන්දනා ස්ථානයකි. ප්‍රධාන ජාතීන් 4ක් එකට වන්දනාමාන කරන එකම කන්ද ලෙස ශ්‍රීපාදස්ථානය හැදින්විය හැක. ශ්‍රීපාද කඳු මුදුනේ කළු ගල් කුට්ටියක එක සමාන පා සළකුණු දෙකක් දැකිය හැක. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක, රත්නපුර-පැලබැද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැදින්විය හැක. මෙම මාර්ග 6න් නල්ලතන්නි හා පැලබැද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.




ශ්‍රීපාදය කරුණාකිරීම



ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පහන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.




නාමකරණය


ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමයෙන් මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි.බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. 



   සිරි පතුල‎ 
      බුදුන් වහන්සේගේ පාද ලාංඡනය සිරි පතුල හෙවත් ශ්‍රී පාද ලාංඡනය නම් වේ. 


යාලුවන්ටත් බලන්න SHARE කරන්න.
අපේ Page එකටත් https://www.facebook.com/canyon.lk
ඇවිල්ලා යන්න. ඔබ කැමති නම් LIKE එකකුත් දාන්න


....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

place religions Sri lanka

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • අලුත් විදියට ලේස් දාමුද.
    Once you graduate from Velcro shoes, you move on to bunny ears. But after a decade or so, those bunny ears are starting to feel a litt...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • Wedding වල සිදු වුනු සිද්ධි (+විඩියෝ)
    ඔන්න යලුවනේ අද දවසේ සොයා ගත්ත විඩියෝ එක තමයි . Wedding වල සිදු වුනු සිද්ධි ටිකක් නෙමේ ගොඩක් .හිනා කාලා මැරෙනවා .නමුත් පව් කියලත් හිතේනවා...
  • දරුවන්ට ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි?
    දරුවන්ට ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි? ක්ලාන්තය ඇතිවෙන්නේ අපගේ ස්නායු වල හෝ රුධිර ගමනාගමනයේ යම් වෙනස් විමක් නිසා තාවකාලිකව මොළයට යන ලේ ප්‍රමාණය අඩු...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .