නුගේගොඩදී ලක්ෂ 10ක
ස්වර්ණාභරණ කොල්ලයක්
නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ රන් භාණ්ඩ අලෙවිසලක් කොල්ල කා තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පස්වරු 3.45 ට පමණ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු අදාළ රන් භාණ්ඩ අලෙවිසල කොල්ල කා ඇති බව ය.
යතුරුපැදියකින් පැමිණ ඇති කොල්ලකරුවන් අවි පෙන්වා අලෙවිසලේ සේවකයන් බිය ගන්වා රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු ත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇති බව මාධ්‍ය ඒකකය
සඳහන් කළේ ය.