canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයෙන් කෙළවර වෙයි.

Unknown  gossip  

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේදී සිය ගමන කෙළවර වී ඇති බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වන බවයි ඔහු කියා සිටියේ. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවයි. ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ. මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.

http://www.hirunews.lk/sinhala/79908

....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

gossip

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • අතුල සහ සමිතා ගයනා කල සිංදු
    අතුල සහ සමිතා ගයනා කල සිංදු ඔක්කොම DOWNLOAD කරගන්න පැමිනෙන්න...........                                                         ...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • දරුවන්ට ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි?
    දරුවන්ට ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි? ක්ලාන්තය ඇතිවෙන්නේ අපගේ ස්නායු වල හෝ රුධිර ගමනාගමනයේ යම් වෙනස් විමක් නිසා තාවකාලිකව මොළයට යන ලේ ප්‍රමාණය අඩු...
  • (no title)
                Ath Alla Durak Gewala Lyrics - Sandun Perera Music - Shenuka Peiris Video Director - Roshan Jayakody Video Production - Volum...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • True Story 2014 (short Film)
    මේ පුංචි මල් කැකුලු කුමක් කරාටද? පුංචි විඩියෝ එකක් අද මම ඔයාලට ගෙනාවා. සොදුරු ළමා වියේ මෙවන් සිරවි සිටිමට සිදු උනොත් කුමක් ඔබට සිතෙයිද...
  • විශේෂ කාර්ය බලකාය කහවනු නෙළයි
    හෙළ සුවය සංවිධානයේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල කෘෂි රසායන භාවිතයෙන් තොර පැරණි වී වගා කිරීමේ වැඩ පිළිවෙලේ මංගල  අස්වැන්න ...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .