රුපියල් පන්දහසක ව්‍යාජ මුදල් නෝට්ටුවක් මුද්‍රණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කළ සබරගමුව සරසවියේ සිසුවෙක් 06වැනිදා බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කොට රුපියල් දෙලක්ෂ පණස් දහසක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.සිසුවාගේ වයස, අධ්‍යාපනය ,විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීමද සළකා බලමින් බළන්ගොඩ දිසා විනිසුරු ජී.එල්. කන්නංගර මහතා එලෙස නියෝග කරමින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙනු ලැබීය.මෙසේ ශරීර ඇපමත මුදාහරිනු ලැබූවේ 23 හැවිරිදි බී.එම්.ලකී හංසපුලේ නම් සිසුවෙකි.
ඉකුත් 23වැනිදා බළන්ගොඩ දී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාර සිසුවා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර යළි 06වැනිදා දිසා අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.සැකකරු බීර හලකින් බීරකෑන් එකක් ලබා ගැනීමට හොර නෝට්ටුව ලබා දීමේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
http://www.lakbima.lk