canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

රිතික්ගෙන් දික්කසාද වන්දිය ලෙස ඉන්දියානු රුපියල් කෝටි සියයක්

Unknown  gossip  

බැන්ග් බැන්ග් චිත්‍රපටයෙන් ළඟදීම රසිකයන් හමුවට එන රිතික් රෝෂන්ගේ පුද්ගලික ජීවිතයේ වෙනසක් සිදුකරමින් පසුගියදා ඔහුගේ දහතුන් වසරක විවාහ ජිවිතය කෙළවර වුණා. මේ විවාහයේ ඔහුට පුතුන් දෙදෙනකු සිටින අතර ප්‍රවීණ නළු සංජේ ඛාන්ගේ දියණිය වන සුසෑන් ඛාන් සමග ඔහු විවාහ වූයේ ළාබාල වියේදීම ඇතිකරගත් දිගු කාලීන පෙම් සබඳතාවයකින් පසුවයි. මේ විවාහය බිඳ වැටීමට හේතුව රිතික් හා මෙක්සිකානු නිළි බාබරා මෝරි අතර පෙම් සබඳතාවය බව කියැවුණත් දැන් මේ ගැන අලුත් කතාබහක්ද ඇති වී තිබෙනවා.
* * * *
මේ අතර මුලින්ම කියැවෙන්නේ දැනට රිතික්ගේ නිවසින් පිටවී දරුවන් දෙදෙනාද සමග තම මවුපියන්ගේ නිවසේ වාසය කරන සුසෑන් ළඟදීම රිතික්ගෙන් දික්කසාද වීමට නඩු පවරන බව හා එහිදී දික්කසාද වන්දිය වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි සියයක් ඉල්ලන්නට බලා‍පොරොත්තු වන බවයි. රිතික් වැනි ධනවත් නළුවෙකුට මෙය විශාල මුදලක් නොවන බව කියන සුසෑන්ගේ නීතිඥයින් එම මුදලින් වැඩි කොටස දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන බව පවසා තිබෙනවා.
මේ සියල්ල අතරේ රිතික් හා බාබරා මෝරි අතර පෙම් සබඳතාවයටත් වඩා කතාකරන මාතෘකාවක් වී ඇත්තේ සුසෑන් හා ජනප්‍රිය නළු අර්ජුන් රාම්පාල් අතර යම් සබඳතාවයක් හේතුවෙන් මේ වෙන්වීම සිදු වූ බවයි. රිතික් හා බිරිය සමග අර්ජුන් හා ඔහුගේ බිරිය මෙහෙර් ඉතා කිට්ටු හිතවත්කම් පවත්වනවා. මේ නිසා මේ කටකතාව හැදෙන්නට ඇතැයි සමහරු සැක කරන්නේ අර්ජුන් තම බිරිය හා දියණියන් දෙදෙනා සමග ඉතා ප්‍රීතිමත් පවුල් ජිවිතයක් ගෙවන බවට ඇති විශ්වාසය නිසයි. කලක් ප්‍රකට නිරූපිකාවක වූ අර්ජුන්ගේ බිරිය වර්තමානයේ ජනප්‍රිය ඇතැම් නිළියන්ව මෝස්තර ලෝකයට හඳුන්වාදීමේ ගෞරවයත් හිමිකරගෙන සිටින අයෙක්. 
රිතික් හා තමා වෙන්වුණේ අර්ජුන් නිසා බවට ඇති කටකතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන සුසෑන් කියන්නේ කිසිවෙකුගේ උපදෙස් මත තමා කටයුතු නොකරන බව හා මේ වෙන්වීමට අර්ජුන් කිසිසේත් වගකිව යුතු නැති බවයි. ඇතැම් කටකතාවලින් කියැවෙන්නේ අර්ජුන් හා සුසෑන් අතර ප්‍රේම සම්බන්ධයක් නැතත් දැඩි සමීප බව හේතුවෙන් රිතික් හා බාබරා අතර අනියම් සබදතාවය දැනගත් පසු ඔහුගෙන් වෙන්වන ලෙසට අර්ජුන් විසින් සුසෑන්ට බලපෑම් කළ බවයි.
බිරියගෙන් වෙන්වීමෙන් පසු වෛද්‍ය පරික්ෂණයක් සඳහා රිතික් විදෙස්ගත වූ අතර ඒ අවස්ථාවේ ඔහුගේ තනියට ගියේ බාබරා බවත් කියැවෙනවා. කෙසේවුණත් මේ දිනවල රිතික් හා පවු‍ලේ උදවිය නිහඬව සිටින්නේ විවාහය දෙදරාගියේ බාබරා සමග වූ අනියම් සබඳතාවය නිසායැයි අධිකරණයේදී ඔප්පුවුණොත් ගෙවන්නට වන වන්දිය විශාල විය හැකි නිසා බව කියැවෙනවා. තම ජීවිතයෙන් වසර ගණනාවක් රිතික් හා ඔහුගේ පවු‍ලේ උදවිය වෙනුවෙන් කැපකළ නිසා ස්ථිර වශයෙන්ම තමාට ඉහත සඳහන් වන්දි මුදල ලැබිය යුතුයැයි නීතිඥයින් මගින් දැන්වීමට සුසෑන් සූදානම් වන නිසා අර්ජුන් සම්බන්ධ කටකතාවක් රිතික්ගේ පාර්ශ්වය විසින් පතුරවන්නට ඇති බවත් සමහරු සැක කරනවා.
පුද්ගලික ජිවිතයේ මේ අවුල් නිසා රිතික්ගේ වෘත්තීමය ජීවිතය අවුල් වී ඇති අතර බැන්ග් බැන්ග් චිත්‍රපටයෙන් පසු ඔහු රඟපාන්නට නියමිතව සිටි ශුද්ධි චිත්‍රපටය සඳහා රිතික් වෙනුවට ෂාරුක් ඛාන් යොදාගන්නට ඒ නිසා නිෂ්පාදකවරු කල්පනා කරමින් සිටිනවාලු.


                                                          www.lakbima.lk

....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

gossip

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • Nice Commercial
    2014 වන විට ජනප්‍රිය වු නමුත් තහනම් කරන ලද විඩියෝ 3 ක් බලමු.........................
  • අලුත් විදියට ලේස් දාමුද.
    Once you graduate from Velcro shoes, you move on to bunny ears. But after a decade or so, those bunny ears are starting to feel a litt...
  • THE SOCIAL NETWORK ( නැරඹිය ‍යුතුමයි)
    THE SOCIAL NETWORK  යලුවනේ Facebook ඉතිහාසය නොදන්න අයට මෙන්න දැන ගන්න .ඔයාල අවුරුදු ගනන් Facebook ඉදියට මෙක නොදැකපු අය ඉන්නවා.එ අය නැරඹ...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .