හෙළ සුවය සංවිධානයේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල කෘෂි රසායන භාවිතයෙන් තොර පැරණි වී වගා කිරීමේ වැඩ පිළිවෙලේ මංගල අස්වැන්න නෙලා ගැනීම මීරිගම වෙල් යායේදී පැවැත්විණි.
මහා සංඝ රත්නයේ සෙත්පිරිත් සජ්ජායනය මැද විශේෂ කාර්ය බලකා සෙබළු සහ වෛද්‍යවරු කුඹුරට බැස අස්වනු නෙලීම ඇරඹුහ.
කහවනු නම් දුර්ලභ පාරම්පරික සහල් වර්ගය මෙහිදී වගා කර තිබුනේ කිසිදු කෘෂි රසායන ද්‍රව්‍යක් භාවිත නොකරය.
මේ අවස්ථාවට සහභාගී වු පොලිස් විශේෂ කාර්ය බලකායේ අධ්‍යක්ෂක රොහාන් කරුණාරත්න මහතා පැවසුවේ රටේ පැවති කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට විශේෂ කාර්ය බලකාය ජීවිත පුජාවෙන් සටන් කල බවත් කෘෂි රසායන ව්‍යසනය ත්රස්තවාදයක් ලෙස මෙරට ජාති හිතෛශීන් සහ විද්වතුන් හදුන්වන්නේ නම් ඒ සමග ද සටන් කිරීමට තමන් නොපැකිලව ඉදිරිපත් වන බවයි.
මේ කන්නයේ රටේ ස්ථාන ගණනාවක පැරණි වී වර්ග වගා කිරීමේ වැඩ පිළිවෙලකට විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය දායක වී ඇති බව ද හෙතෙම මෙහිදී හෙළි කළේය.
හෙලසුවය සංවිධානය වෙනුවෙන් ප්‍රියන්ත සේනානායක මහත්මිය, රජරට වෛද්‍යපීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.