canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

tattoo කලාව කියන්නෙත්...

Unknown  health  

Tattoo කලාව කියන්නෙත් මේ වෙනකොට ඉවක් බවක් නැතිව ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා ගිය කලාවක්. දේශසීමා මායිම් වැටකඩුලු කිසිම දෙයක් ගාණකටවත් ගන්නෙ නැතිව ජාති ආගම් භේදයෙන් තොරව ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න ජනතාව වෙත සමීප වෙන්න මේ Tattoo කලාවට තියෙන්නේ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් කියලා කිව්වොත් ඒකේ ඇති වැරැද්දක් නෑ.

අද සාමාන්‍ය ජනතාවගේ ඉදන් ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ, ගායක ගායිකාවෝ, ක්‍රීඩකයන් අතරට පවා ගිය Tattoo කලාවට තියෙන්නේ ටිකක් එහාට ගියපු ඉතිහාසයක්. මේ අතරින් වෘත්තීයමය වශයෙන් ප්‍රථම Tattoo කලාව පවත්වාගෙන ගියාය කියලා සඳහන් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Martin Hildebrandt විසින් කරනු ලැබූ Tattoo කලාවන් ආශ්‍රයෙනුයි. ජර්මන් ජාතිකයෙක් වුණු ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී තිබුණේ 1846 වර්ෂයේදීයි. 1861 - 1865 කාලසීමාව තුළදී ඔහු විසින් ඇමෙරිකානු සිවිල් යුද්ධයේ යෙදී සිටි දෙපිරිසේම සොල්දාදුවන්ගේ Tattoo නිර්මාණය කළ බවත් ඔහු සම්බන්ධයෙන් ඇති වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි එංගලන්තයේ Tattoo කලාව සම්බන්ධයෙන් ප්‍රථමවරට කරුණු දැක්වෙන්නේ 1870දී ලිවර්පූල් වරාය මුල් කරගෙනයි. ඒ වෙනකොටත් එංගලන්තයේ Tattoo නාවිකයන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබුණා. මේ කාලයේ අපරාධකරුවන් හා සිරකරුවන්ව ඔවුන්ගේ හඳුනා ගැනීමේ පහසුවට Tattoo භාවිත කළත් මේ කාලයේදීම සමාජයේ යම් කොටසක් විලාසිතාවක් විදියටත් මෙය භාවිත කරලා තියෙනවා.

ඒ අතරින් වැඩියෙන්ම මේ සඳහා යොමුවෙලා ඉඳලා තියෙන්නේ රාජකීය පවුල්වල අය හා සමාජයේ ඉහළ පන්ති වශයෙන් සැලකෙන්නා වූ පිරිසයි.
කොහොම වුණත් ඇමෙරිකාවේ Acadamy of Dermatology හි සඳහන් වෙන්නේ Tattooඵ වර්ග 5ක් තියෙනවා කියලයි. ඒ මෙන්න මේ විදියට

* Traumetic Tattoos
* Amateur Tattoos
* Profesional Tattoos
* Cosmetic Tattoos
* Medical Tattoos

මේ විදියට වර්ග කරපු Tattoo ගැන කතා කරනකොට විශේෂයෙන් සඳහන් වෙන දෙයක් තමයි මේවා බොහෝ විට භාවිත කරලා තියෙන්නේ සිරකරුවන්ගේ අංක යොදා වෙන්කිරීමට කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි 1941දී Auschwitz  සිරකඳවුරේ සිරකරුවන්ගේ අත්වල අංක යොදා තිබීම. ඒ අතර රෝම අධිරාජ්‍ය කාලයේදී රෝම සොල්දාදුවන් විසින්ද Tattoo භාවිත කළ බවක් සඳහන් වන අතරම එවක සටන් ශිල්පීන් මෙන්ම විදේශයන්වලින් ගෙන්වා ගනු ලැබූ කුලී හේවායන්ගේද යම් යම් වැකි කොටනු ලැබූ බවත් කියැවෙනවා. පිරිසකගේ නළලේ Stop Me, I’am a runaway” යනුවෙන්ද කොටා තිබුණු බවත් සඳහන්.
Tattoo මේ විදියට විකාශය වෙනකොට 1970 දශකයේදී බටහිර රටවල් අතරේ මෙය විලාසිතා අතර ප්‍රධාන අංගයක් බවට පත්වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම බෙදිලා ගිහින් තියෙන්නේ ඒ ඒ අයගේ වයස් පරතරයන් විදියට. 2010 වසර වෙනකොට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 30ට අඩු පිරිසකගෙන් 25%ක්ම තමන්ගේ සිරුරේ පච්චයක් ගසා ගැනීමට පෙලඹිලා තියෙනවා.

ඉතිං 2010 අවුරුද්දෙදී ඕස්ට්‍රේලියාවේ තත්ත්වය එහෙම වෙනකොට 2014දී එංගලන්තයේ පච්ච කෙටීමේ ව්‍යාපාරය ඉහළ යමින් පවතිනවා කියලා තමයි කියන්නේ. ඒ අතරින් වයස අවුරුදු 20-25 අතර පිරිස් වැඩි වශයෙන් ඒ වෙත ඇදී ඒමක් දක්නට ලැබෙන අතර එංගලන්තයේ තිබුණු 300ක් විතර වුණු Tattoo Centre මේ වෙනකොට 1,500 දක්වාම ඉහළ ගොස් තිබෙනවා. මේ අතරින් වැඩි කොටසක් නීති විරෝධී ඒවා නිසා මෙය නීත්‍යනුකූල ව්‍යාපාරයක් කරලීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන ඒමටත් ප්‍රමිතියෙන් යුත් Tattoo Centre ආරම්භ කිරීමත් ඔවුන්ගේ අභිලාෂය වෙලා තියෙනවා.
කරුණු කාරණා කොහොම වුණත් වෙනස් විදියකට ආරම්භ වුණු පච්ච කෙටීමේ කලාව මේ වෙනකොට විලාසිතා අතරට නැතිවම බැරි දෙයක් වෙලා තියෙනවා කියලා නම් කිසිම සැකයක් නැතිව ඕනෑම කෙනකුට කියන්න පුළුවන්.

                                   
                                Rajitha Basnayake     http://www.mawbima.lk

....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

health

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • Nice Commercial
    2014 වන විට ජනප්‍රිය වු නමුත් තහනම් කරන ලද විඩියෝ 3 ක් බලමු.........................
  • අලුත් විදියට ලේස් දාමුද.
    Once you graduate from Velcro shoes, you move on to bunny ears. But after a decade or so, those bunny ears are starting to feel a litt...
  • THE SOCIAL NETWORK ( නැරඹිය ‍යුතුමයි)
    THE SOCIAL NETWORK  යලුවනේ Facebook ඉතිහාසය නොදන්න අයට මෙන්න දැන ගන්න .ඔයාල අවුරුදු ගනන් Facebook ඉදියට මෙක නොදැකපු අය ඉන්නවා.එ අය නැරඹ...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .