මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව බල්ලෙක් හපා කා ඇතැයි වාර්තා වෙනවා. මෙසේ හපා කා ඇත්තේ ඔහුගේ නිවසේ සුරතලේට ඇති දැඩි කළ බල්ලා බවද පැවසෙනවා.
පසුගියදා සිංගප්පූරුවේදි ආබාධයකට ලක්වූ ඔහුගේ දකුණු කකුලම මේ බල්ලා විසින් හපා කා තිබීම විශේෂත්වයක්. අමාත්‍යවරයා පවසන්නේ තමාගේ දකුණු කකුලට මෙසේ නිතර නිතර වින වෙන්නේ තමා පෙර කල පවකට බවයි.
එසේම දකුණු කකුල එසවීමේ පව මෙසේ පටිසන්දී ඇතැයිද ඔහු සඳහන්කර ඇත. අමාත්‍යවරයා වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් මෙසේද පැවසීය. "නිතරම ඉතින් බල්ලො බුරණවා. පාරෙත් බල්ලො දකිනවා. පිස්සු බල්ලොත් එනවා. ගමේ ඉන්න කාලෙත් බල්ලො දැක්කා. ඒත් මම හිතුවෙ නැහැ ඇතිකරපු බල්ල මාව හපයි කියලා.
ඒකත් මට හොඳ පාඩමක්. මම බල්ලට වෛර කළේ නැහැ. අදත් පසුගිය දවස්වලත් මම මගේ අතින් බල්ලට කන්න දිල එන්නේ..." අමාත්‍යවරයා මේබව හෙලිකළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් විරසිංහ මහතා හා ශ්‍රීලනිප කැලණිය කාන්තා අංශයේ සභාපතිනි දමයන්ති විසින් කැලණිය දළුගම සංවිධානය කළ කුඩා ජනහමුවකදීය....