සුරාබදු කොමසාරිස්ගේ සහ විශේෂ විමර්ශනයේ ස්ථානාධිපතිගේ නිවාසවලට වෙඩි
සුරාබදුකොමසාරිස් ජෙනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ නිවසට බ්රහස්පතින්දා (06) අලූයම 2ට පමණ වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් හානියක් වී නැත.
මේ දිනවල සුරාබදු කොමසාරිස්වරයාගේ නියෝග මත ප්රදේශ කිහිපයක වැටලීම් රැසක් ක්රියාත්මක වෙමින් පවතී. එම වැටලීම්වලට විරුද්ධ කිසිවකු විසින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා බිය ගැන්වීම සඳහා වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
තමන් හා සේවකයා නිදා සිටින විට අළුයම දෙකට පමණ රතිඤ්ඤා පිපිරීමක් වැනි හඬක් ඇසුන බව වසන්ත හපුආරච්චි මහතා පැවසීය. කිසිම වාහනයක හඬක් නොඇසුන බවත් හෙතෙම කීවේය. සුරාබදු කොමසාරිස්වරයා ගමන් කරන ජීප් රථයට,නිවසේ ජනේලයකට හා ඉදිරිපස කනුවකට වෙඩි ප්රහාර හයක් පමණ එල්ල වී තිබේ.
අසල්වැසියකු ප්රකාශ කළේ වෙඩි හඬක් ඇසී තමන් ඇඳ ළග ජනේලයෙන් බලද්දී දෙදෙනෙක් හැමිල්ටන් ඇල දෙසට දුවනු දුටු බවත්, අනතුරුව ඈතින් ත්රිරෝද රථයක් පණ ගන්වා පිටත්ව යන හඬ ඇසුන බවත් ය. මේ අතර කොට්ටාව ප්රදේශයේ රුක්මල්ගම පිහිටි සුරාබදුස්ථානාධිපතිවරයෙකුගේ නිවසකට ද අද අලූයම වෙඩි ප්රහාරයක් එල්ල වී ඇතිබව පැවසේ.